ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනය (NILET) විසින් ලංකා බැංකුව (BOC) සඳහා පවත්වන ලද දෙවැනි ව්යාපාරික ඉංග්රීසි පුහුණු වැඩසටහන 2025 ජූලි 6 වනදා සාර්ථකව අවසන් කරන ලදී. ශ්රී ලංකාවේ ප්රධාන ආයතනවල කාර්යාලයීය සන්නිවේදනය ශක්තිමත් කිරීම සඳහා NILET ආයතය මගින් ගනු ලබන අනවරත ප්රයත්නවල තවත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි මෙම වැඩසටහන 2025 ජුනි මස 21 සිට ජූලි 06 දක්වා පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන ලංකා බැංකුවේ ඉල්ලීමකට අනුව ආරම්භ කරන ලද අතර එය බැංකු ක්ෂේත්රයේ වෘත්තීය කාර්යක්ෂමතාවය සහ පාරිභෝගික සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අත්යවශ්ය වන සන්නිවේදන සහ ලිවීමේ හැකියා වර්ධනය කිරීමට විශේෂිතව සැකසූ වැඩසටහනක් විය.
මෙම වැඩසටහන භාර අධ්යයන හා පර්යේෂන නිලධාරිනිය වන රිද්මා ලංසකාර මිය එහි අධීක්ෂණ කටයුතු සිදු කළ අතර මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවේ බී. සිව අශ්වින් මහතා විසිනි. ක්රියාකාරී, ප්රායෝගික හා කුසලතාමය පාඩම් ඔස්සේ සහභාගීවූ පිරිසට මගපෙන්වා දුන් භාග්යා නිලක්ෂණි තෙන්නකෝන් මෙනවිය (සහකාර කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්යාලය) සහ එන්. ජී. එච්. එස්. සමන්තිනි මහත්මිය (උප විදුහල්පති සහ ඉංග්රීසි භාෂා ගුරු, තර්සටන් විද්යාලය) මෙම වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස කටයුතු කරන ලදී.
![]() |
![]() |
![]() |




