ප්රධාන කාර්යාලය, මාකුඹුර
පහසුකම්
විධායක මණ්ඩල රැස්වීම් ශාලාව
ප්රධාන කාර්යාලයේ ස්ථාපිත අපගේ විධායක මණ්ඩල රැස්වීම් ශාලාව උසස් මට්ටමේ රැස්වීම් සහ තීරණ ගැනීම්වලට අදාළ රැස්වීම් පැවැත්වීම සඳහා සුදුසු පරිදි නිර්මාණය කර ඇති අවකාශයකි. මෙම වෘත්තීය පරිසරය ජ්යෙෂ්ඨ කළමනාකරණ රැස්වීම්, උපායමාර්ගික සැලසුම් සැසි සහ වැදගත් සේවාදායක සාකච්ඡා සඳහා වඩාත් සුදුසු වේ.
ශ්රවණාගාරය
මාකුඹුරේ ස්තාපිත අපගේ ප්රධාන කාර්යාලයේ ඉදි කර තිබෙන ශ්රවණාගාරය, සාමූහික රැස්වීම් සහ සම්මේලන පැවැත්වීමේ සිට සම්මන්ත්රණ, දේශන සහ විශේෂ ඉදිරිපත් කිරීම් දක්වා සිදු කරනු ලබන ඕනෑම අවස්ථාවක් සඳහා පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති බහුකාර්ය සහ නවීන ස්ථානයකි. එහි උස් වේදිකාවක්, ආසන (ලිවීමේ පහසුකම් සහිත) සහ ප්රොජෙක්ටරයක් (සිවිලිම දක්වා උසින් යුතු) මෙන්ම සම්පූර්ණ ශබ්ද පද්ධතියක් ඇතුළුව උසස් තත්ත්වයේ ශ්රව්ය දෘශ්ය උපකරණ ඇත.
දිවා කාලයේ සහ සවස් කාලයේ පවත්වනු ලබන ඕනෑම අවස්ථාවක් සඳහා සුදුසු වාතාවරණයක් නිර්මාණය කරමින්, අලංකාර තද නිල් පැහැති තිර රෙදිවලින් ශ්රවණාගාරය අලංකාර කර ඇත. සිවිලිමේ සවිකර තිබෙන විදුලි පහන්වලින් හොඳින් ආලෝකමත් කර ඇති මෙම ස්ථානය විශිෂ්ට දෘශ්යතාවක් සහ වෘත්තීය වාතාවරණයක් සහතික කරයි.
ඔබ විධිමත් දේශනයක් පවත්වන්නේ ද, නැතහොත් ආකර්ශනීය වැඩමුළුවක් පවත්වන්නේ ද යන කරුණට මූලිකත්වයක් ලබා නොදෙමින්, ඔබගේ වැදගත් අවස්ථාව සාර්ථක කර ගැනීමට අවශ්ය සුවපහසුව ලබා දීමට කටයුතු කරනු ඇත.
පන්ති කාමර පහසුකම
- හා වායුසමීකරණය කර ඇති පන්ති කාමර
- ප්රොජෙක්ටරය සහ ඉදිරිපත්කිරීම් සඳහා අවශ්ය තිරය
- උපදේශකයන් හෝ ආරාධිත කථිකයන් සඳහා වෙන් වූ මේසය
- පිරිසිදු, වෘත්තීය ස්වාභාවයෙන් යුතු සහ හොඳින් ආලෝකමත් පරිසරයක් සහිත පන්ති කාමර
පන්ති කාමර වෙන්කරවා ගැනීම:
මෙම පහසුකම අභ්යන්තර පුහුණු වැඩසටහන් මෙන්ම බාහිර වැඩසටහන් සඳහා ද පූර්ව වෙන් කිරීමකට යටත්ව ලබා ගත හැකි ය. අවශ්ය පන්ති කාමර වෙන් කරවා ගැනීමට, කරුණාකර අපගේ ආයතන අංශය ඇමතීම හෝ ප්රධාන කාර්යාලයේ පිළිගැනීම් අංශය වෙත පැමිණ අදාළ තොරතුරු ලබා ගැනීම යෝග්ය වේ.
දැනුම බෙදා ගැනීමට, සංවර්ධනයට සහ නවෝත්පාදනයට සහාය වීම සඳහා උසස් තත්ත්වයේ සේවාවක් ලබා දීමට අපි කැපවී සිටින්නෙමු.
සේවා
පිළිගැනීමේ සේවාව
ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනයේ (NILET) ප්රධාන කාර්යාලයට සාදරයෙන් පිළිගනිමු. අපගේ පිළිගැනීම් ප්රදේශය තුළ, අප ආයතනයට පැමිණෙන අමුත්තන්, සිසුන් සහ ආරාධිතයන් උණුසුම් හා කාර්යක්ෂමව පිළිගැනීම සඳහා වෘත්තීයමය පරිසරයක් නිර්මාණය කර ඇත.
නවීන පහසුකම් සහිත අපගේ ආයතනයේ ඇතුළත් වීමේ දොරටුව අසළ පිළිගැනීමේ අංශය පිහිටා ඇති අතර එය විමසීම්, මග පෙන්වීම් සහ පරිපාලන සහාය සඳහා ඔබට මෙහිදී හමු වන පළමු සම්බන්ධතා ස්ථානය වේ. මිත්රශීලී සහ දැනුමැති කාර්ය මණ්ඩලයකින් සමන්විත අපගේ පිළිගැනීමේ කණ්ඩායම, කඩිනම් සහාය ලබා දීමට සහ ඔබේ අවශ්යතා සාර්ථකව සපුරාලීමට කැපවී සිටී.
ඔබ ලියාපදිංචිය, පුහුණුව, උපදේශනය හෝ රැස්වීම් යන ඕනෑම අවශ්යතාවක් සඳහා අප ආයතනයට පැමිණෙන අවස්ථාවල දී, නිවැරදි අංශයට ඔබව යොමු කිරීමට සහ ඔබට අවශ්ය ඕනෑම තොරතුරක් සැපයීමට අපි බැඳී සිටින්නෙමු.
ඔබ අපගේ ආයතනයට පැමිණි මොහොතේ සිට ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනයේ (NILET) වෘත්තීයභාවය සහ ආගන්තුක සත්කාර අත්විඳිය හැකි ය.
අඟලවත්ත පුහුණු මධ්යස්ථානය
පහසුකම්
ශ්රවණාගාරය
අඟලවත්ත පුහුණු මධ්යස්ථානයේ පිහිටි අපගේ ශ්රවණාගාරය, සම්මන්ත්රණ, පුහුණු සැසි, රැස්වීම් සහ ඉදිරිපත්කිරීම් ඇතුළු පුළුල් පරාසයක අවශ්යතා සඳහා නිර්මාණය කර ඇති අතර ඉඩකඩ සහිත පරිසරයකින් සමන්විත වේ. ආසන පිළිවෙලට පේළි වශයෙන් සකස් කර ඇති අතර උසස් තත්ත්වයේ ලී පුටු එම ආසන සැකැස්මට ඇතුළත් වේ. තවද, එම ආසන පෙළගැස්ම මගින් සහභාගිවන්නන්ට සුවපහසුව සහ පැහැදිලි දෘශ්යතාව තහවුරු කරනු ඇත.
මෙම ශ්රවණාගාරය සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇති අතර, ප්රශස්ත වායු සංසරණය සඳහා සිවිලිමේ සවි කර ඇති විදුලි පංකාවලින් දීර්ඝ සැසිවලදී ප්රසන්න වාතාවරණයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. අවධානය සහ සහභාගීත්වය වැඩි කිරීම සඳහා ප්රමාණවත් ආලෝකකරණය සහ දෘශ්යකරණය ප්රවේශමෙන් කළමනාකරණය කර ඇත. එක් බිත්තියක් දිගේ ඇති නිල් පැහැති තිර රෙදි මගින් ස්වභාවික ආලෝකයේ විශිෂ්ට පාලනය සහතික කරමින්, බාධාවකින් තොරව ඉදිරිපත් කිරීම් හෝ තිර භාවිතය සඳහා ඉඩ සලසනු ඇත.
මෙම ශ්රවණාගාරය ආයතනික උත්සව සහ ප්රජා උත්සව යන දෙවර්ග සඳහා සුදුසු වෘත්තීයමය, නමුත් උත්සවාකර්ශණ වාතාවරණයක් ලබා දේ. සාම්ප්රදායික චමත්කාරය සහ නවීන පහසුකම් මුසු කරමින්, අඟලවත්ත පුහුණු මධ්යස්ථාන ශ්රවණාගාරය රැස්වීම් සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස කැපී පෙනේ.
පුස්තකාල පහසුකම්
අඟලවත්ත පුහුණු මධ්යස්ථානයේ ඉදි කර ඇති අපගේ පුස්තකාලය ඉගෙනීම, පර්යේෂණ සහ අධ්යයන සඳහා අත්යවශ්ය මධ්යස්ථානයක් ලෙස හැඳින්විය හැක. සිත්ගන්නා සුළු සහ අවධානය යොමු කළ හැකි වාතාවරණයක් ඇති කිරීමට නිර්මාණය කර ඇති මෙම පුස්තකාලය, පෙළ පොත්, පරිශීලන ද්රව්ය සහ අනෙකුත් ඉගෙනුම් ආධාරක ඇතුළුව අධ්යාපනික සම්පත් රාශියකින් සමන්විත වේ.
ඉඩකඩ සහිත ලී මේස සහ සුවපහසු ආසනවලින් සමන්විත මෙම පුස්තකාලය, ස්වයං-අධ්යයනය සහ කණ්ඩායම් සහයෝගීතාව යන දෙවර්ගයට ම සුදුසු පරිසරයක් නිර්මාණය කරයි. පුස්තකාලය තුළ හොඳින් වාතාශ්රය ඇති අතර, දිවා කාලයේ දී ප්රමාණවත් ස්වාභාවික ආලෝකයක් සහ දීර්ඝ කියවීම් වේලාවන්ට උචිත පරිදි දීප්තිමත් ආලෝකකරණයක් ඇත. නිවැරදි පිළිවෙලට සකස් කර ඇති පොත් රාක්ක, ගොනු කිරීමේ කැබිනට් සහ ආරක්ෂිත ගබඩා ඒකක මගින් අවශ්ය පොත් පහසුවෙන් සොයා ගත හැකි අතර එහි නඩත්තු කිරීම් ක්රමානුකූලව සිදු කර ඇත.
හොඳින් සිතා මතා ඉදි කර ඇති මෙම කියවීම් අවකාශය, සියලුම පරිශීලකයන්ගේ අධ්යයන කටයුතු පෝෂණය කිරීම සහ යාවජීව ඉගෙනුම් අවශ්යතා සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.
භෝජනාගාර පහසුකම්
අඟලවත්ත පුහුණු මධ්යස්ථානයේ ඉදි කර ඇති භෝජනාගාරය ඉඩකඩ සහිත සහ හොඳින් වාතාශ්රය ඇති ප්රදේශයක් වන අතර ආහාර ලබා ගැනීමේ පහසුකම සමගින් එක්රැස්වීම් සඳහා කණ්ඩායම්වලට සුවපහසු ලෙස ගැවසිය හැකි වන පරිදි සැලසුම් කර ඇත. සියලුම අමුත්තන්ට සහ සහභාගිවන්නන්ට සැහැල්ලු හා පොදු වාතාවරණයක් සහතික කරමින්, ප්රමාණවත් ආසන සහිත පිරිසිදු හා සංවිධානාත්මක සැකසුමකින් මෙම භෝජනාගාර ප්රදේශය සමන්විත වේ.
භෝජනාගාරය ඉදි කර ඇති මෙම අවකාශය අධ්යයන මේස සහ ආසන විශාල සංඛ්යාවකින් සමන්විත වන අතර එය පුහුණු වැඩසටහන්, වැඩමුළු සහ නේවාසික කඳවුරු පැවැත්වීම සඳහා වඩාත් සුදුසු වේ. සනීපාරක්ෂාව සහ සුවපහසුව සඳහා මූලිකත්වය ලබා දී ඇති මෙම ස්ථානයේ විදුලි පංකා සවි කර ඇති බැවින් හොඳ වායු ප්රවාහයක් ද සපයන අතර පහසුවෙන් නඩත්තු කිරීමට සහායවන ටයිල් කරන ලද පොළොවකින් යුක්ත වේ.
පෝෂ්යදායී සහ නැවුම් ලෙස සකස් කරන ලද ආහාර මෙම ස්ථානයෙන් දිනපතා ලබා ගත හැකි අතර, විවිධ ආහාර අවශ්යතා සපුරාලීමට ද මෙම භෝජනාගාරය අවශ්ය පහසුකම් සපයනු ලබයි. එය උදෑසන ආහාරය, දිවා ආහාරය, රාත්රී ආහාරය හෝ තේ විවේකය යන සියලුම අවස්ථාවලට අවශ්ය වන පරිදි සැමට සෞඛ්ය සම්පන්න සහ ප්රියජනක ආහාර වේලක් ලබා දීම සහතික කරයි.
නේවාසික පහසුකම්
සශ්රීක ස්වභාවික දර්ශනවලින් වට වූ සාමකාමී හරිත පරිසරයක පිහිටි අපගේ අඟලවත්ත පුහුණු මධ්යස්ථානය, අමුත්තන්ට, පුහුණුවන්නන්ට සහ වැඩසටහන්වලට සහභාගිවන්නන්ට සුවපහසු අවකාශයක් සහිත නේවාසික පහසුකම් සපයයි.
අඟලවත්ත පුහුණු මධ්යස්ථානයේ ස්ථාපිත ප්රධාන නේවාසික ගොඩනැගිලි ද්විත්වයකි:
- “H1” ගොඩනැගිල්ල: මෙම ගොඩනැගිල්ල හොඳින් නඩත්තු කරන ලද කාමර 8කින් සමන්විත වන අතර, එය ඒකල සහ කණ්ඩායම් වශයෙන් නේවාසික පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසු වේ.
- “H2” ගොඩනැගිල්ල: මෙම ගොඩනැගිල්ල හොඳින් නඩත්තු කරන ලද කාමර 9කින් සමන්විත වන අතර, එය ඒකල සහ කණ්ඩායම් වශයෙන් නේවාසික පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසු වේ.
මෙහි සෑම කාමරයක්ම සුවපහසුව සඳහා නිර්මාණය කර ඇති අතර, විවේකී සහ ඵලදායී නේවාසික පහසුකම් සඳහා අත්යවශ්ය ගෘහ භාණ්ඩවලින් සමන්විත වේ. එය පිහිටි පරිසරය සන්සුන් හා නිහඬ වාතාවරණයකින් සමන්විත වන අතර, අවධානය යොමු කරමින් විවේකීව තම ඉගෙනුම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්ය පහසුකම්වලින් පරිපූර්ණ වේ. වාහන නතර කිරීමේ පහසුකම්වලින් ද මෙම ස්ථානය සමන්විත වේ.
මෙම පුහුණු මධ්යස්ථානයේ නේවාසික පහසුකම් වැඩමුළු, පුහුණු කඳවුරු, නිවාඩු නිකේතන සහ නේවාසික වැඩසටහන් සඳහා වඩාත් යෝග්ය වන අතර, මධ්යස්ථානය තුළ භෝජනාගාරය ඇතුළු ඉගෙනුම් සහ විනෝදාත්මක අවකාශ සඳහා සමීප ප්රවේශයක් නිර්මාණය කර ඇත.
එළිමහන් පන්ති කාමර පහසුකම්
සශ්රීක හරිත පරිසරයකට මැදිව පිහිටා ඇති අඟලවත්ත පුහුණු මධ්යස්ථානයේ එළිමහන් පන්ති කාමර පහසුකම්, අන් කිසිවකට සමාන නොවන සන්සුන් හා අවධානය යොමු කර හැකි ඉගෙනුම් අවකාශයක් ලබා දෙයි. ස්වාභාවික වෘක්ෂලතාදියෙන් වට වූ මෙම එළිමහන් අවකාශය අධ්යාපනික වැඩමුළු, කණ්ඩායම් සාකච්ඡා, සොබාදහම පදනම් කරගත් ඉගෙනුම් සහ ප්රායෝගික ක්රියාකාරකම් සඳහා පරිපූර්ණ පසුබිමක් නිර්මාණය කරයි.
භූ දර්ශන සැකැස්මට බාධාවක් නොවන අයුරින් නිර්මාණය කර ඇති මෙම ආවරණය කරන ලද මණ්ඩපය, සොබාදහම සමග සමීප සම්බන්ධතාවක් පවත්වා ගනිමින්, සුවපහසුව සහ ආරක්ෂාව සහතික කරයි. මෙය ආසන සහ විවෘත දර්ශනවලින් සමන්විත වන අතර, ව්යුහගත ඉගෙනුම් හා ක්රියාකාරකම් සඳහා ඉතා යෝග්ය වාතාවරණයක් නිර්මාණය කරයි.
ඔබ විසින් පවත්වනු ලබන්නේ පුහුණු සැසියක් ද නැත්නම් අධ්යාපනික වැඩසටහනක් යන්න නොසලකමින්, සාම්ප්රදායික ගෘහස්ථ සැකසුම් සහිත පන්ති කාමර වෙනුවට නිර්මාණශීලිත්වයෙන් පිරිපුන් ඉගෙනුම් අවශ්යතා සඳහා උචිත ප්රබෝධමත් විකල්පයක් ලබා දෙන අයුරින් මෙම පන්ති කාමර නිර්මාණය කර ඇත.
සේවා
...






























